ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරෙන මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් සඳහා සියයට 25ක නව ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට අනුව මෙම නව ආනයන බද්ද ලබන අප්‍රේල් 02 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
මෙම නව ආනයනික මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා පනවා ඇති බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වාහන හා කොටස් ආනයනය කරන ව්‍යාපාර සමාගම්වලින්ද නව ගාස්තුවක් අය කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් නිවේදනය කර තිබේ.
අදාළ නව ආනයනික බද්ද හේතුවෙන් ඇමෙරිකාවේ මෝටර් රථ ආනයන කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් ඇති වනු ඇතැයි පවසා ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ හරහා ඇමෙරිකාවේ නව රැකියා අවස්ථාවන් හා ආයෝජන අවස්ථා වැඩි කරන බවට පොරොන්දු වී ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.