සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙරට සාමය ස්ථාපිත කරන්න බැරි ප්‍රධානම හේතු දෙකක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසයි.
ඒවා මැඩලීමේදී මුහුණ දෙන ගැටලු රාශියක් ඇති බවත් එම ගැටළු රාශියට විවිධාකාර වූ කාරණා හේතුවන බවත් ඔහු පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මේ බව සඳහන් කර සිටියේ උත්සව සභාවකදී අදහස් දක්වමිනි.
සංවිධානාත්මක කල්ලි ආරක්ෂක අංශ ඇතුළටද රිංගා ඇති බවද පැවසූ ඔහු ආරක්ෂක අංශ නිලධාරීන්ද ඒ අයට යටපත්වී ඇති බවද එහිදී කියා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .
”පොලිස් නිලධාරින්ට පැවරී ඇති නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුතුයි. නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණයි සාමය ස්ථාපිත කළ හැක්කේ. අද සාමය ස්ථාපිත කළ නොහැකි ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් සංවිධානාත්මක අපරාධ, අනෙක මත්ද්‍රව්‍ය. මේ දෙක මැඬලීමේදී මුහුණ දෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒවාට විවිධ කාරණා හේතුවෙනවා. සංවිධානාත්මක කල්ලි අප අතරට රිංගලා තිබෙනවා. අපේ නිලධාරීනුත් ඒ අයට යටපත් වෙලා තිබෙනවා. රටේ සුරක්ෂිත සමාජයක් ඇති කිරීම ඔබේ වගකීමක්”
කෙසේ වුවත් පසුගිය මැතිවරණ සමයේ දී ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පවසා සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පෝය දෙකෙන් අපරාධ නැති කරන බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දීමට එන ලෙස ඔහු එවකට පැවති ආණ්ඩුවට බංකුවක් රැගෙන එන ලෙසද පැවසීය.