Home අද මිලේනියම් සිටී නඩුවෙන් කුලසිරි උඩුගම්පොළ නිදොස් කොට නිදහස් !

මිලේනියම් සිටී නඩුවෙන් කුලසිරි උඩුගම්පොළ නිදොස් කොට නිදහස් !

32
0

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය බව කියවෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සතු විසින් ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළ බවට චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ ට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.

මෙය පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2002  වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාස්නයක් වටලා  එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ ට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

මෙම සිදුවීම එකළ දේශපාලන ක්ෂේත්‍රයේ ද දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබිණ.

Previous articleමධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් සිද්ධියකින් අත්අඩංගුවට!
Next articleදකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම්දීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here