Home අද නාමල්ගේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුවෙන් මහාධිකරණ විනිසුරු ඉවත් වෙයි !

නාමල්ගේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුවෙන් මහාධිකරණ විනිසුරු ඉවත් වෙයි !

41
0

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද (27) දැනුම් දී තිබේ.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස් වලින් අනතුරුව තමන් මෙම තීන්දුව ගත් බව විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ දී පවසා තිබේ.

Previous articleරටේ සාමය ස්ථාපිත කිරීමට බැරි ඇයි ? මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේතු කියයි !
Next articleජනතාව අනුරට රට දුන්නේ කෙ‍ඳිරිගාන්න නෙමෙයි – සජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here