රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙකක් සහ ලක්ෂ එකහමාර බැගින් අවස්ථා දෙකකදී අල්ලස් ලෙස මුදල් ලබා ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය නිලධාරියෙක්පැවසීය.
මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු විපක්ෂ නායකවරයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 28 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරු එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.