Home අද චාමරට ඇප !

චාමරට ඇප !

52
0

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මතමුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද  නියෝග කර ඇත.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් මහේස්ත්‍රාතවරිය නියම කළේය.

Previous articleඇමති බිමල් යටතේ සිටි තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
Next articleමට සම්බාධක දැමීම බ්‍රිතාන්‍යයේ දේශපාලන නාට්‍යක් : කරුණා කට අරියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here