Home අද ඉන්දීය හමුදාවේ ප්‍රහාරයකින් මියගිය බිරිඳ සහ පුතා – වසර 38කට පසු ගොඩගෙන...

ඉන්දීය හමුදාවේ ප්‍රහාරයකින් මියගිය බිරිඳ සහ පුතා – වසර 38කට පසු ගොඩගෙන ආදාහනය කෙරේ!

41
0

උතුරේ යුද්ධය පැවැති 1987 වසරේදී ඉන්දීය හමුදාවේ ප්‍රහාරයකින් මියගිය මවකගේ සහ පුතෙකුගේ මළ සිරුරු වසර 38 කට පසු ඊයේ (24) ගොඩගෙන ආගමික වතාවත් පවත්වා ආහාදාහනය කිරීමේ දුක්බර පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තාවේ.

යුදමය පරිසරය තුළ ඉන්දියන් හමුදාවේ ප්‍රහාරයකින් බිරිඳ සහ දරුවා මිය යෑමෙන් පසු සැමියා ඔවුන් දෙදෙනාගේ සිරුරු නිවස මැද වල කපා මිහිදන් කර ඇත.

බිරිඳගේ සහ දරුවාගේ දේහයන් මිහිදන් කිරීමෙන් පසු ඔහු ඉන්දියාවට පලා ගොස් පසුව යුරෝපා රටකට ඇතුල්වී දේශපාලන රැකවරණ ලබාා එරට ජීවත් වී තිබේ.

වසර තිස් අටකට පසු තම ගම්බිම් සොයා පසුගියදා යාපනයට පැමිණි එම පියා තම බිරිඳගේ සහ දරුවාගේ සිරුරු නැවත ගොඩගෙන ආගමික වතාවත් සිදුකර ආදාහනය කිරීමට අවශ්‍ය බව නීතිඥවරයකු මාර්ගයෙන් යාපනය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අධිකරණ අවසරය මත පොලිසිය මාර්ගයෙන් නැවත තම බිරිඳගේ සහ දරුවාගේ සිරුරු ගොඩ ගෙන ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් පවත්වා ආදාහනය කොට ඇත.

මියගිය දෙදෙනාගේ සිරුරු වසර තිස් අටකට පසු නැවත ගොඩගෙනන ආගමික වතාවත් සිදුකිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව ඥාතීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ එම පියා ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳ සහ පුතා මිය යෑමෙන් පසු කිසිදු විකල්පයක් නොතිබූ නිසා නිවස මැද ඔවුන් මිහිදන් කළ බවයි.

Previous articleසිවිල් යුද්ධ අපරාධ චෝදනා හා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය – UK සම්බාධක පනවයි!
Next articleයෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here