SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee දිවි ගමනට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
SAMSUNG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම සමාගමේ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee හෘදයාබාධයකින් මිය ගිය බවයි. මිය යනවිට ඔහු 63 වන වියේ පසුවිය.
1962 වසරේ දී උපත ලැබූ හැන්, 2022 සිට සැම්සුන් හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව සමාගම පවසයි.
ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම්කර තිබේ