දිවයින පුරා සිදුවන වෙඩි තැබීම් නිසා ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මේ බව සඳහන් කර සිටියේ අද (25) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි .
එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .
“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව සහතික කරලා තියෙනවා. පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ. නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන විශේෂ වැඩ කරගෙන යනවා.”
කෙසේ වුවත් අරුණ ජයසේකර පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වූයේ ජාතික ජනබලවේගය පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පෝය දෙකෙන් පාතාල ක්‍රියා අවසන් කරන බවත්, ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දීමට එවකට පාලකයන්ට බංකු අරගෙන එන ලෙසත් ය.