Home අද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර ප්‍රකාශයට පත් කරනවා – ටිල්වින්

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර ප්‍රකාශයට පත් කරනවා – ටිල්වින්

52
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයින් සහ ප්‍රාදේශීය සභා සභාපති ධූර අපේක්ෂකයින් කවුද යන්න පිළිබඳව නාම ලේඛනය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මෙවර මැතිවරණයට ඉදිරිපත් ව සිටින බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපති. අපේක්ෂකයන් කවුද යන්න තවමත් ප්‍රකාශයට පත් කරගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය .

දිවයිනේ සියලූම නගර සභා හා ප්‍රාදේශීය සභා සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන නගරාධිපති සහ ප්‍රාදේශීය සභා සභාපති අපේක්ෂකයන් කවුරුන්ද යන්න මේ වන විට නම්කර තිබෙන බව ප්‍රකාශ කරන ටිල්වින් සිල්වා මහතා ඉදිරි දින කිහිපය තුළ ඒ නම් සියල්ල ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන්ට විශාල බලයක් හා වගකීමක් පැවරෙන බවත් එවන් පසුබිමක ඡන්දයට පෙර ඡන්ද දායකයින් තම ප්‍රදේශයේ පාලනය කරන්න ඉදිරිපත් වන්නේ කවුද යන්න පිළිබඳව දැනගැනීමේ අයිතියක් තිබෙන බව ඔහු පවසයි.

Previous articleවැටුණු රට ගොඩගන්න රනිල් කළ කාර්‍ය භාරය ප්‍රතික්ෂේප කරන්න බෑ – ජනපති ආර්ථික කටයුතු ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව!
Next articleපුනර්ජනනීය බලශක්තියට පුනරුදය එයි : සෝලා ඒකකයකට ගෙවන මුදල අඩු කරන්න කැබිනට්ටුවට යෝජනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here