Site icon Newshub

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් විදෙස් ආයෝජකයන්ට රතු එළියක් !

අදානි හෝ වෙනත් ඕනෑම විදෙස් ආයෝජකයකු මෙරට ආයෝජන සිදුකරනවා නම් ආයෝජකයන්ට අවශ්‍ය ආකාරයට නොව ” අප” විසින් අපේක්ෂා කරන ආකාරයට, එකී තත්ත්වයන් යටතේ එය සිදුකළ යුතු බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී දේශපාලන සංවාදයක් සඳහා එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණී විට ආයෝජකයන් රට හැර ගිය බව විපක්ෂය පැවසුවත් එය බොරු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ ගිය ආයෝජකයන් කවුද කියාද ප්‍රශ්න කර සිටියේය .

මෝදි – අදානි විදුලි බලාගාර ව්‍යාපෘතියේදී විදුලි ඒකකයක් සඳහා හිටපු පාලකයන් ඩොලර් ශත 8.26ක මිලකට එකඟව සිටියත් තම පාලනය ඩොලර් ශත 5 කට විදුලි ඒකකයක් සඳහා එකඟතාව ගෙන ඇති බවද සඳහන් කළේය .

ඕනෑම ආයෝජකයකු 50:50 ලෙස පැමිණිය යුතු බවත් එසේ නොමැතිව හිටපු පාලකයන් මෙන් ආයෝජකයන්ට අවශ්‍යය ආකාරයට කටයුතු කිරීමට වත්මන් පාලනය සූදානම් නැති බවද මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .

කෙසේ වුවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඩොලර් ශත 5 ගැන සඳහන් කරනුයේ අදානි සමාගම සම්බන්ධව නොවිය යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සඳහන් කර සිටිනුයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළදී අසමත් වුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කැබිනට් තීරණයක් මඟින් ධම්මික පෙරේරා ගේ සමාගමකට ලබාදුන් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන විය යුතු බවද ඔවුන් පවසයි.

කරට කර | Karata Kara | 2025 -03 -24 | Rupavahini Live | Sri Lanka Rupavahini

ඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !

අදානි ගේ ලියුම එනතුරු ඉංජිනේරු කුමාර බලා සිටියි !

අදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !

අදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – නැවත සලකා බලන ලෙස දැනුවත් කළා – බලශක්ති ඇමති කියයි

අයවැය කතාවේදී ජනපති අදානි ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරයි

 

Exit mobile version