පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සමගිජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කරඇත.
නාම යෝජනා පත්‍රවල සුළු වැරදීම්වලදී පවා කිසිදු සහනයක් ලබා නොදී මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති බවට එම දේශපාලන පක්ෂ චෝදනා කරති.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙවර පළාත්පාලන මැතිවරණය සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍ර 425 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව වැඩිම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බවත් එය 57ක් වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.