වෙළඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන උමන්දාවට අයත් ආයතනයක් රජයට දැවැන්ත වංචාවක් සිදුකර ඇති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළහ.
උමන්දාව විහාරවාසී පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් විසින් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වයි.
පාර්ලිමේන්තුවේ සිල්පද 4ක් පමණක් ක්‍රියාත්මක වන බවත් මුසාවාද කීම එහි ගැටළුවක් නොමැති බැවින් වරප්‍රසාද වලට මුවාවී කරන ලද එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් එළියේ කරන ලෙසද උන්වහන්සේ මන්ත්‍රීවරයාට අභියෝග කළහ.
ග්‍රීන්හට් වෙනුවෙන් බිම් කුලිය වශයෙන් පමණක් හතලිස් හය ලක්ෂ පනස් පන්දාහක් සතොසට ගෙවා ඇති බවත් ඊට අමතරව ලක්ෂ 10ක් තැම්පතුවකුත් ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
“ඔය ප්‍රකාශය කළේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමෝ ඕවා කියවන්න පුළුවන්. මේවත් අරගෙන කියෙව්වා නම් තමයි හොඳ. බොරු කියලා ලෝකේ රවට්ටන්න බෑ දැන්.” ග්‍රීන්හට් හි බිල්පත් මාධ්‍යට පෙන්වමින් උන්වහන්සේ කියා සිටියහ.
ඔබතුමාලගේ ෆයිල් වැඩකරන්නේ නෑනේ. අපේ ෆයිල් හොඳට වැඩකරනවා. මේ බොරු කීම දැන් නවත්වමු. හොඳ වැඩකරන මිනිස්සුන්ට මඩගහන්නේ නැතුව, ඒ වැඩකරන මිනිස්සුත් එක්ක ඔබතුමාලා එකතු වුණානම් හරිනේ”