අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
අද පෙ.ව. 10ට විවාදය ආරම්භ වන අතර ප.ව. 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත ය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදි අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විපක්ෂව ඡන්ද 46 ක් ලැබුණි.