Home අද මධ්‍යම තැපැල් හුවමාරුවේ කෝටි ගාණක මත්ද්‍රව්‍ය !

මධ්‍යම තැපැල් හුවමාරුවේ කෝටි ගාණක මත්ද්‍රව්‍ය !

29
0

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශ නිලධාරීන් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

ප්‍රංශය , ඇමෙරිකාව ,කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මෙම පාර්සල් මහනුවර , මීගමුව , ජා ඇළ , වැල්ලවත්ත , නුගේගොඩ , තංගල්ල , මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන්ට භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබේ.

ඉකුත් සති දෙකක කාළය තුළ මෙවැනි පාර්සල් 20 ක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , පසුගිය 19 දින ඒවා  විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය  ලබා ගෙන ඇත.

එම පාර්සල් 14 ක ” කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ ” මෙතැම්පටමයින් ” මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබේ

Previous articleK8 ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩා වැටෙයි (PHOTOS )
Next articleපාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි – රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here