ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද (21) වාරියපොළ ප්‍රදේශයට කඩාවැටී තිබේ.
වාර්තා වන ආකාරයට කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇත.
කෙසේ වුවත් යානය කඩාවැටෙන අවස්ථාවේ එම යානයේ නියමුවන් දෙදෙනා ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.
මේ සම්බන්ධ ජායාරූප කිහිපයක් පහත දැක්වෙයි