Home අද උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන බවක් අපි කියලා නෑ : නියෝජ්‍ය ඇමති චතුරංග...

උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන බවක් අපි කියලා නෑ : නියෝජ්‍ය ඇමති චතුරංග කියයි !

103
0

උපාධිධාරීන් සඳහා රජයේ රැකියාම දෙන බවක් තම පාර්ශ්වය පවසා නැති බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරයි.

රජයේ රැකියා ලබා දිය හැක්කේ විසිතුන්දහසක් පමණක් බවද ඔහු පවසයි.

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී දේශපාලන සංවාදයක් අතරතුර අදහස් දක්වමිනි.

මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩු බලය ගැනීමට පෙර රැකියා විරහිත උපාධිධාරීන් වෙත ලබාදුන් ” අපේ ආණ්ඩුවක පලමු ඇයවැයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳනවා” කියූ ප්‍රකාශය වීඩියෝ සාක්ෂියක් සහිතව ප්‍රශ්න කිරීමේදී නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මෙකී ප්‍රතිචාරය දැක්වීය.

කෙසේ වුවත් රජය ව්‍යවසායකත්වය සඳහා මේ වසරේ අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවත් ඒ හරහා පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ සඳහා හැකියාව ඇති පුද්ගලයන් නිර්මාණය කරන බවද ඔහු පැවසුවේය.

රජයේ රැකියා තවදුරටත් ලබාදීමට නොහැකි බවත් පසුගිය ආණ්ඩුව රජයේ ආයතන සඳහා සේවකයන් පිරවීම හේතුවෙන් තවදුරටත් ඊට ඉඩ නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

Previous articleපාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා
Next articleචයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here