මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
මෙට්‍රික් ටොන් මිලියන 2.9ක් මෙවර කන්නයෙන් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බවද හෙතෙම කියා සිටියා.
යම් හෙයකින් මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා