Home අද ‘අස්වීම සජිත් භාරගත්තේ නෑ – තාමත් සජබ සභාපති ඉම්තියාස් ’- රංජිත් මද්දුමබණ්ඩාර

‘අස්වීම සජිත් භාරගත්තේ නෑ – තාමත් සජබ සභාපති ඉම්තියාස් ’- රංජිත් මද්දුමබණ්ඩාර

21
0

ඉම්තියාස් බාකීර් මාකාර් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් යොමුකර තිබෙන නමුත් එම ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාර ගෙන නොමැති බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි

මාධ්‍ය හමුවකදී (මාර්තු 19) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඒ අනුව, ඉම්තියාස් තවමත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා බව ද මද්දුම බණ්ඩාර කීය.

ඉම්තියාස් ගෞරවනීය දේශපාලඥයෙක් බව ත් ඔහු සමගි ජන බලවේගය තුළ සිටිය යුතු බව ත් මහලේකම්වරයා කීය.

ස.ජ.බ. පක්ෂ සහාපති ඉම්තියාස් බාකීර් මාකාර් සභාපතිකම සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව කියමින් ලිපියක් පක්ෂ නායකයා වෙත පෙරේදා (මාර්තු 18) ලබා දුන් අතර ඒ සම්බන්ධව පක්ෂයේ මතය ලෙස මහ ලේකම්වරයා මේ බව කීවේය.

Previous articleත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සාමාජිකයින් 1,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට
Next articleපාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here