Home අද පාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන්...

පාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා

15
0

වෙළඳ පොළ තුළ සහල් මිල නැවත වතාවක් ඉහල දැමීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත.

රජය විසින් නියම කරන ලද පාලන මිලට වෙළඳපොළෙහි සහල් නොමැති බවත් වෙළඳුන්ට අවශ්‍ය ආකාරයට සහල් සඳහා මිල තීරණය කර ඔවුන් අලෙවි කරමින් සිටින බවත් පාරිභෝගික ජනතාව චෝදනා කරති.

රජයේ පාලන මිල රුපියල් 220 ක් ලෙස පැවැති නාඩු සහල් කිලෝවක් ඇතැම් ප්‍රදේශවල රුපියල් 130 ක්. රුපියල් 240 ක් ව පැවැති සම්බා කිලෝවක් රුපියල් 260 දක්වාත් රුපියල් 260 ව පැවැති කීරි සම්බා කිලෝවක් රුපියල් 300 දක්වාත් මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයෝ පවසති.

මහා පරිමාණ මෝල් හිමියන්ගේ අවශ්‍යතාවය මත සහල් මිල ඉහළ දමා ඇති බවත් එය පාලනය කිරීම සඳහා රජය මේ වන විටත් පියවර ගෙන ඇති බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Previous article‘අස්වීම සජිත් භාරගත්තේ නෑ – තාමත් සජබ සභාපති ඉම්තියාස් ’- රංජිත් මද්දුමබණ්ඩාර
Next articleඋපාධිධාරීන්ට රජයේ රැකියා දෙන බවක් අපි කියලා නෑ : නියෝජ්‍ය ඇමති චතුරංග කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here