Home අද කිරි තේ 10 කින් නගී

කිරි තේ 10 කින් නගී

40
0

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ අප්‍රේල් 01 වැනිදා සිට කිරිතේ එකක මිල රුපියල් දහයකින් ඉහල දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

කිරිපිටි මිල ඉහළ ගියද කිරිතේ එකක් අලෙවි කරන මිල ඉහළ නොදැමීමට අපේක්ෂා කළ ද පවතින ආර්ථික තත්ත්වය මත අනිවාර්යෙන්ම කිරි තේ එකක මිල අවම වශයෙන් රුපියල් දහයකින්වත් ඉහළ දැමිය යුතු බවට තම සංගමය තීරණය කළ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි .

අප්‍රේල් 01 සිට ආනයනික කිරිපිටි 4.7% ඉහල දැමීමට ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ක පිටි පැකැට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යන අතර එහි නව මිල 1100 ක් වේ.

Previous articleවාහන ආනයන රෙගුලාසි ලිහිල් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් !
Next articleපුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද දහවල් 12 ට අවසන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here