ජපානයෙන් ආනයනය කර රේගුවේ සිර වී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් සහ වෙනත් රටවලින් ගෙන්වා රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඊයේ (19) දින නිකුත් කර ඇති මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සදහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යංශයට ඒ සදහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධක ද ඉවත් වනු ඇති බව සඳහන් වේ.
රේගුවේ සිරවී සිටින ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සම්බන්ධව ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතිකය ලබා ගත් සමාගමයි.