Home අද පුංචි ඡන්දෙට පළපුරුදු ජනප්‍රිය අපේක්ෂකයෝ හිඟවෙලා – පක්ෂ රැසක් අර්බුදයක

පුංචි ඡන්දෙට පළපුරුදු ජනප්‍රිය අපේක්ෂකයෝ හිඟවෙලා – පක්ෂ රැසක් අර්බුදයක

10
0

මෙවර පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂවලින් ජනප්‍රිය සහ පලපුරුදු අපේක්ෂකයින් ඉදිරිපත්වීමේ අඩුවක් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති අපේක්ෂකයින් මෙන්ම ප්‍රාදේශීය සභා සභාපති අපේක්ෂකයෙන් නම් කිරීමේදී ප්‍රධාන පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ ඇත.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.ඇතුළු පක්ෂ ගණනාවක් මෙම අර්බුදයට මුහුණ පා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ජනප්‍රිය සහ පලපුරුදු අපේක්ෂකයින් නොවුනත් එම පක්‍ෂයෙන් තරග කිරීම සඳහා දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.

පසුගිය මැතිවරණවලදී පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම ප්‍රධාන පක්ෂවල ආසන සංවිධායකවරු සහ පක්ෂයේ වෙනත් තනතුරු දැරූ ජනප්‍රිය පුද්ගලයන් ඉදිරිපත් උවද මෙවර ඒ කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා ඇතැම් පළාත් පාලන ආයතන වල අපේක්ෂක නාම ලේඛන සකසා ගැනීමේදී පවා ගැටලු මතුව තිබේ .

උද්ගතව ඇති තත්ත්වය මත බොහෝ පළාත් පාලන ආයතන සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ නගරාධිපති හා ප්‍රාදේශීය සභා සභාපති තනතුරු වෙනුවෙන් අපේක්ෂකයින් නම් නොකර කණ්ඩායම් නායකයින් පත්කර මැතිවරණයට මුහුණ දීමට සැලසුම් කර ඇත

Previous articleපූර්ණ සටන් විරාමය පුටින් ප්‍රතික්ෂේප කරයි !
Next articleමැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12 ට අවසන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here