Home අද පුනරුද අපයෝජනයක් : අපයෝජන සිද්ධියක අධිකරණයෙන් වැරදිකරු වූ විදුහල්පතිට එරෙහි විමර්ශන අඩපණ...

පුනරුද අපයෝජනයක් : අපයෝජන සිද්ධියක අධිකරණයෙන් වැරදිකරු වූ විදුහල්පතිට එරෙහි විමර්ශන අඩපණ කරලා : දේශපාලන බලපෑමක් !

18
0

බාල වයස්කාර පාසල් සිසුවියකට අපයෝජනය කළ විදුහල්පතිවරයකු අධිකරණයෙන් වැරදිකරු වූ පසු, ඉදිරි දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා මූලික විමර්ශනය පැවැත්වීමට පත් කළ නිලධාරියා ඉවත් කර, එම පරීක්ෂණ මේ වන විට නවතා ඇති බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු චෝදනා කරයි.

තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහලක සේවය කරමින් සිටියදී අදාළ විදුහල්පතිවරයා වරදකරු බව ඉකුත් 2024 වර්ෂයේදී අධිකරණයේ පිළිගෙන තිබේ.

ඒ අනුව අධිකරණය මගින් වැරදිකාර විදුහල්පතිවරයාට වසර පහක සිර දඬුවම් නියම කර එය අත්හිටු වූ සිරදඬුවම් වශයෙන් සහ රුපියල් පනස් දහසක දඩයක්ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබූ බව ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙවැනි වරදක් කර අධිකරණයෙන් වරදකරු වූ සහ දඩ නියම කළ පුද්ගලයකුගේ රාජකාරි අත්හිටුවීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද හෙතෙම කියා සිටියි. ඒ අනුව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉකුත් වසරේදී මූලික විමර්ශන පැවැත්වීම සඳහා විමර්ශන නිලධාරියකුද පත් කරන ලදී.

එහෙත් වර්තමාන පාලනය තුළ මෙම නිලධාර්යා මූලික විමර්ශන රාජකාරියෙන් ඉවත් කර තිබේ.මේ අපචාරය කළ පුද්ගලයා ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු බැවින් මේ අකටයුත්ත පිටුපස ප්‍රබල දේශපාලන අතකොළුවක් ක්‍රියාත්මක වන බව අනුමාන කළ හැකි යැයි ද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත.

Previous articleඅර්ජුන් ඇලෝසියස් සම්බන්ධ පැමිණිල්ලක් කැඳවයි !
Next articleසතොස ටෙන්ඩරයක් ජනාධිපති අනුරගේ උපදේශක හුලංගමුවගේ සමාගමකට දීලා : සතොර හොර ගුහාවක් වෙලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here