Home අද සතොස ටෙන්ඩරයක් ජනාධිපති අනුරගේ උපදේශක හුලංගමුවගේ සමාගමකට දීලා : සතොර හොර ගුහාවක්...

සතොස ටෙන්ඩරයක් ජනාධිපති අනුරගේ උපදේශක හුලංගමුවගේ සමාගමකට දීලා : සතොර හොර ගුහාවක් වෙලා !

20
0

සතොස ආයතනයේ “සිස්ටම් ඔඩිට්” ටෙන්ඩරයේ මුල් ලිපිගොනු අතුරුදහන් කර එම ටෙන්ඩරය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආර්ථික කටයුතු උපදේශක දුමින්ද හුලංගමුව ට සම්බන්ධ සමාගමකට ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවෙයි.

අද (19) පාර්ලිමේන්තුවේදී මෙම චෝදනාව එල්ල කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා විසිනි.

මේ සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ දැනුවත් දැයිද කියාද මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ චෝදනාව එල්ල කරන විට විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභා ගැබේ සිටි බවද වාර්තා වෙයි.

ප්‍රමිතියෙන් තොර සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සැල් හරහා බෙදාහැර ඇති බවත් එකී ටෙන්ඩරය ද මූලික පටිපාටි නොසලකා නිකුත්කර ඇති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය .

ඒ සමඟ වත්මන් ආණ්ඩුව යටතේ සතොස ආයතනයේ සිදුව ඇති බරපතළ සැකසංකා උපදවන ටෙන්ඩර් ගනුදෙනු කිහිපයක් ද මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා අනාවරණය කළ අතර සතොස ආයතනයේ අභ්‍යන්තර විගණන සාමාන්‍යාධිකාරිව එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩබලන පදනමින් පත්කර ඇති බවත් මෙකී සියළු කටයුතු පිටුපස එම නිලධාරියා සිටින බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

Previous articleපුනරුද අපයෝජනයක් : අපයෝජන සිද්ධියක අධිකරණයෙන් වැරදිකරු වූ විදුහල්පතිට එරෙහි විමර්ශන අඩපණ කරලා : දේශපාලන බලපෑමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here