Home අද පොලිස්පතිගේ බිරිඳගෙන් පොලීසියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්

පොලිස්පතිගේ බිරිඳගෙන් පොලීසියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්

468
0

සෝදිසි වරන්තුවක් නොමැතිව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර පිහිටි නිවස පරීක්ෂාවට ලක්කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.

නිවස පරීක්ෂාවට ලක් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එහි පැමිණි අවස්ථාවේ අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් තිබේදැයි තෙන්නකෝන් මහතාගේ බිරිඳ පොලිස් නිලධාරීන්ගෙන් විමසා ඇතත් එවැන්නක් නැති බව පවසා ඔවුන් නිවස පරීක්ෂාවට ලක් කළ බව ඇය විසින් අතුරුගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් සඳහන්වේ.

පැයකට අධික කාලයක් නිවස සෝදිසියට ලක් කිරීමෙන් පසු එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක්, වයින් බෝතල් 214 ක්, තෙන්නකෝන් මහතාගේ නිල පිස්තෝලය, ඔහු භාවිත කළ බව කියන ඇපල් වර්ගයේ දුරකථන දෙකක් ඇතුළු භාණ්ඩ කිහිපයක්ම පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිසිය භාරයට ගෙන ඇති ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක හරහා තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Previous articleවැලිකන්ද හිටපු OIC අත්අඩංගුවට ගැනීමට නියෝග !
Next articleමහින්දගේ පෙත්සම විසිවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here