Home අද අර්ජුන් ඇලෝසියස් සම්බන්ධ පැමිණිල්ලක් කැඳවයි !

අර්ජුන් ඇලෝසියස් සම්බන්ධ පැමිණිල්ලක් කැඳවයි !

17
0

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළ බවට වන චෝදනාවකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

එම අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තම සේවාදායකයාට මේ දක්වා චෝදනා පත්‍ර භාරදී නොමැති බවයි.

ඒ අනුව පැමිණිල්ල නැවත අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදින සැකකරුට චෝදනා පත්‍ර භාරදෙන ලෙසත් නියම කළේය.

Previous articleසෞඛ්‍ය වැඩ වර්ජන අනුමත කරන්න බෑ : ජනපති අනුර කියයි!
Next articleපුනරුද අපයෝජනයක් : අපයෝජන සිද්ධියක අධිකරණයෙන් වැරදිකරු වූ විදුහල්පතිට එරෙහි විමර්ශන අඩපණ කරලා : දේශපාලන බලපෑමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here