Home අද දේශබන්දු ගැන අහපු ප්‍රශ්නයට ඇමති නලින්ද හිරවෙයි !

දේශබන්දු ගැන අහපු ප්‍රශ්නයට ඇමති නලින්ද හිරවෙයි !

119
0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නේ රජය සමඟ වෙනත් ගනුදෙනුවක් නිසාදැයි යනුවෙන් නැඟුණු ප්‍රශ්න යකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත එක්වරම පිළිතුරු දීමට නොහැකිව බලවත් දුෂ්කරතාවට පත්විය.

මෙය සිදුවූයේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවස්ථාවේය.

එහිදී මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙන්ම අභියාචනාධිකරණය විසින් ද නියෝග නිකුත්කර තිබියදී වැඩ තහනම් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන නොතිබීම සම්බන්ධවද මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කෙරිණ. තීරණාත්මක ප්‍රශ්නය යොමුවූයේද ඒ අවස්ථාවේදී ය. එහිදී පොලිසිය පාලනයෙන් බැහැරව ගොස්ද කියාද ප්‍රශ්න කෙරිණ.

කෙසේ වුවත් මතුවූ දුෂ්කරතාව අපහසුවෙන් මැඩගනිමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවලා අත්අඩංගුවට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ. පොලීසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන්.

Previous articleජනාධිපති කාර්‍යාලය සඳහා අනුයුක්ත කර තිබූ වාහනයක් තුළ පුපුරන ද්‍රව්‍ය : සැකපිට 2ක් අත්අඩංගුවට !
Next articleමම පක්ෂයෙන් යන්නේ නෑ – ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here