Home අද රනිල්ගේ අස්වැද්දීම සාර්ථකයි : 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් !

රනිල්ගේ අස්වැද්දීම සාර්ථකයි : 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් !

23
0

2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

අලුත් වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ 2022 වසරේ පැමිණි ලංකා ඉතිහාසය දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හඳුන්වාදුන් වැඩපිළිවෙළේ සාර්ථකත්වය මීට හේතු වූ බවයි.

එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන නමුත් ඔවුන්ගේ දැක්මේ ඇති අඩුපාඩුව හේතුවෙන් කොතරම් සාර්ථකත්වයක් අත්කර ගනීදැයි සැකසහිත බවද ඔවුන් පෙන්වා දෙයි.

Previous articleCID ය දේශබන්දුගේ ගෙදර ගිහින් : විදෙස් මත්පැන් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here