වැඩ තහනමකට ලක්ව සහ දුටුතැන අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තු නිකුත්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ගේ අතුරුගිරිය හෝකන්දර නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇති බව වාර්තා වෙයි.
එහි තිබී විදේශීය මත්පැන් බෝතල් සිය ගණනක් සොයාගත් බවද වාර්තා වෙයි. එසේම තවත් භාණ්ඩ කිහිපයක් භාරයට ගෙන තිබෙන බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් දේශබන්දු තෙන්නකෝන් එහි සිට නොමැත. මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙන්ම අභියාචනාධිකරණය විසින් ද අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.