Home අද අදානි සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගනියි !

අදානි සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගනියි !

12
0

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දීය අදානි සමාගම සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණි.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින්  ඉල්ලා අස්කර ගත්තේ එම දැනුම් දීමෙන් අනතුරුව බවද වාර්තා වෙයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

Previous articleආනයනික කිරිපිටි මිල ඉහළට?
Next articleදේශබන්දු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දහයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here