අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ, යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙනි.
එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.
අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.