Home අද අද (01) සිට යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ

අද (01) සිට යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ

11
0

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළබව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත් වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව යාල කලාප අංක 1ට අදාල කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා ඇත.

මේ පිළිබඳව අපකළ සොයා බැලීමේදී යාල වනෝද්‍යානය පිවිසුම් මාර්ගය නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගංවතුරෙන් යට වී ඇති බව දැකගැනීමට හැකිවීය.

මේ පිළිබඳව යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

Previous articleඑල් බෝඩ් මන්ත්‍රීවරයෙක් විදියට නැවත පාර්ලිමේන්තුවට එන්න අදහසක් නෑ – හිටපු ජනාධිපති
Next articleපොලීසිය ගෙදරටම ගියත් දේශබන්ධු ගැන කිසි තොරතුරක් නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here