Home අද ඉන්ධන පෝලිම් හදපු එකක් : ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා – අනිල් ජයන්ත

ඉන්ධන පෝලිම් හදපු එකක් : ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා – අනිල් ජයන්ත

28
0

රට තුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ තිබෙන්නේ නිර්මාණය කරගත් පෝලිම් බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට තුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බවයි.

Previous articleනව සූත්‍රයෙන් තෙල් බෙදුම්කරුවන්ට ඉස්සරට වඩා ආදායමක් ලැබෙනවා – සිපෙට්කෝ සභාපති
Next articleසඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here