Home අද දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් : හැංගිලා කියා වටගල කියයි !

දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් : හැංගිලා කියා වටගල කියයි !

12
0

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

වාර්තා වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත්කර ඇත.

මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා පදිංචි නිවස වෙත ගියද ඒ අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවද වාර්තා විය.

මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියේ හිටපු පොලිස්පතිවරයා සැඟවී ඇති බවකි.

එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

Previous articleමාස 9ට ලක්ෂ 334ක තෙල් අරගෙන – බිමල්ගේ කතාවට හිටපු කතානායක ගේම ඉල්ලයි !
Next articleඅල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න – නාමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here