Home අද රටවල් 3කට යන්න ලක්ෂ 18 ලු : ජනාධිපති ෆුඩ්බෝඩ් ද ගියේ –...

රටවල් 3කට යන්න ලක්ෂ 18 ලු : ජනාධිපති ෆුඩ්බෝඩ් ද ගියේ – දිලිත් අහයි !

133
0

ජනාධිපති අනුර දිසානායක මෑතකදී සිදු කළ විදේශ සංචාරයන් සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ දහඅටක් පමණක් යැයි අගමැතිනිය පැවසූවද ජනාධිපතිවරයා පා පුවරුවේ ගියත් මෙතරම් අඩු මුදලකින් රටවල් තුනකට ගියේ කෙසේදැයි සිතාගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.

ඔහු අද (27) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර ඒ අගමැතිනි හරිනි අමුරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී කියවූ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් ගමන් වියදම් ලැයිස්තුවට ප්‍රතිචාර දක්වමිනි .

එහිදී මන්ත‍්‍රීවරයා පවසා සිටියේ , ‘ජනාධිපතිතුමා විදේශ සංචාර වියදම් අඩු කර ඇතැයි අගමැතිතුමිය කියනවා. ඔහු පා පුවරුවේ ගියත් මෙතරම් අඩු මුදලකින් රටවල් තුනකට ගියේ කොහොමද කියලා මම දන්නේ නැහැ’ කියාය.

වියදම් අඩු කිරීමෙන් පමණක් ලාභ උපයාගත නොහැකි බවද පැවසූ මන්ත්‍රීවරයා ආදායම් උත්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද මෙහිදී දිලිත් ජයවීර මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

අයවැය හිගය පියවන්නේ කෙසේද, මෙරට ණය ආපසු ගෙවන්නේ කෙසේද යයි විමසූ මන්ත්‍රීවරයා අප අපවම රවටා නොගත යුතු බවද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

2010- 2014 දක්වා වසර හතරක කාලයේදී විදේශ සංචාර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු අගමැතිවරිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල් ලක්ෂ 18ක මුදලක් පමණක් බවද කීවාය.

අගමැතිනිය ඉදිරිපත් කළ ජනාධිපති අනුර දිසානායක ගේ විදෙස් ගමන් වියදම් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද හාස්‍යට ලක්වෙමින් තිබේ.

Previous articleරිලවුන්ට ගැලවිල්ලක් නැති වෙයි : රට පුරා රිලා සංගණනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here