Home අද බුකියේ දාපු ලිපියක් නිසා පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට ලෙඩක් වැටිලා !

බුකියේ දාපු ලිපියක් නිසා පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට ලෙඩක් වැටිලා !

26
0

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ට එරෙහිව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් ෆේස්බුක් ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බව සඳහන් විය.

මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබුණි.

මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.

මෙසේ පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය ලෙස සැලකෙන්නේ පසුගිය රාජපක්‍ෂ සමයේ මාරාන්තික ප්‍රහාරයකට ලක්ව, එය තවමත් අභිරහසක්ව පවතින මාධ්‍යවේදින් දෙදෙනෙකු ය. ඔවුන් වෙත එල්ලවූ මරණීය තර්ජනය නිසාම පසුකාලීනව විදෙස් රටවල දේශපාලන රැකවරණ ලබා සිටියි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ලබාදුන් ප්‍රමුඛ පොරොන්දුවක් වන්නේද පෝද්දල ජයන්තව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ විමර්ශන කඩිනම් කර ඔහුට යුක්තිය ඉටුකරන බවයි.

කෙසේ වුවත් අදාළ ප්‍රහාරයට පසුව රෝහල් ගත කළ පෝද්දල ජයන්ත ගේ රෝහල් ඇඳ ඉහපත් වාර්තා අතුරුදහන් කියා එම විමර්ශන අඩපණව ඇති බව දැනගන්නට තිබේ.

Previous articleමෙහෙම ගියොත් ඕන අපරාධයක් කරලා රාජපක්‍ෂ ගිනුමට දායි : CID ගිය නාමල් ගෙදර යන ගමන් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here