Home අද ඊශ්‍රායලය හිතාමතාම සටන් විරාමය බිඳ දමනවා – හමාස් සංවිධානයෙන් චෝදනා

ඊශ්‍රායලය හිතාමතාම සටන් විරාමය බිඳ දමනවා – හමාස් සංවිධානයෙන් චෝදනා

7
0

ඊශ්‍රායලය සිරකරුවන් නිදහස් කරන තෙක් යළි සාම සාකච්ජා සඳහා එක් නොවන බව හමාස් සංවිධානය නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාම ගිවිසුමට අනුව පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 5 දෙනෙකු නිදහස් කරනු ලැබූ බව එරට මාධ්‍ය සඳහන් කරයි.එහෙත් ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිතව සිටි 600 කට අධික පලස්තීන සිරකරුවන් නිදහස් කිරිම ප්‍රමාද කරන බව නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලය හිතාමතාම සටන් විරාම ගිවිසුම බිඳ දැමිමේ අරමුණින් මෙවැනි ක්‍රියාවන් වල නිරත වන බවට හමාස් සංවිධානය චෝදනා කර සිටී.

සති 6 ක කාලයක් සඳහා එළඹි සටන් විරාමයේ පළමු අදියර ලබන සෙනසුරාදා දිනයෙන් අවසන් විමට නියමිත අතර සටන් විරාමයේ දෙවන අදියරක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ජා පවත්වා නොමැති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleගණේමුල්ල සංජීව ඝාතකයා, නීතීඥ උඳුල්වත් අවභාවිත කරලා ?
Next articleකන්දකාඩුවෙන් තවත් 4ක් පනිති !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here