Home අද දේශපාලන අනුග්‍රහය ඇතිව ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා – මහජන ආරක්ෂක ඇමැති...

දේශපාලන අනුග්‍රහය ඇතිව ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා – මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල!

22
0

පාතාල කල්ලි වලට ඇතැම් රාජ්‍ය ආයතනවල සහය ලැබෙන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කළ අමාත්‍යවරයා දේශපාලන අනුග්‍රහය ඇතිව නිර්මාණය වූ ඇතැම් පාතාල කල්ලි වලට දේශපාලන රැකවරණය ද ලැබුණ බව ඒ මහතා අනාවරණය කළේය.


“උසාවියේ වෙඩි තැබීමේ සිද්ධිය සිදුවී පැය අටක් ඇතුළත වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණ ඉතා ශක්තිමත්ව සිදු කරන බව කිව යුතුයි. මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ඝාතනයේ සැකකරුවකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාතාල කල්ලි නිර්මාණය වුණේ දේශපාලන අනුග්‍රහය ඇතිවයි. සමහර කල්ලි වලට දේශපාලන රැකවරණය ලැබුණා. එදා සමහර ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා අද වන තෙක් ඒ වින්දිතයන්ට යුක්තිය ඉටුව නැහැ. අපි යුක්තිය ඉටුකරන්න පියවර ගෙන තිබෙනවා.

අපේ මන්ත්‍රීවරුන් පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. පොලීසියට පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන්න නිදහස දී තිබෙනවා පරීක්ෂණ ස්වාධීනව සිද්ධ වෙමින් තිබෙනවා.

විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටළුවක් මතුව නැහැ. ඔවුන්ගේ ඒ ආරක්ෂාව එලෙසම ලබාදෙනවා ආරක්ෂාවක් නැති බවට පල වූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව කිව යුතුයි.

අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව පොලිස්පතිවරයා වාර්තාවක් මට ලබා දී තිබෙනවා වෙඩික්කරු සමඟ පැමිණි කාන්තාව අත්අඩංගුවට ගැනීමට මේ වෙන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කළ යුතුයි.”


 

Previous articleජනපතිගේ නියෝග සත පහකට ගණන් නොගෙන පාතාලයන් වැඩදායි : මීගමුවේදී මහ දවාලේ වෙඩිතැබීමක් !
Next articleඉදිරි පැය 24 තාප දර්ශකය මිනිස් සිරුරට ප්‍රවේශම් මට්ටමට ඉහළ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here