ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්ථීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය සම්බන්ධයෙන් විශේෂ විධායක මණ්ඩල සාකච්ඡාවක් මෙම මස 28 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය වසරේ නොවැම්බර් 23 වන දින තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර මෙම මස 28 වනදින එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලැබුණහොත් ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මූල්‍ය පහසුකමක් හිමිවේ.
ශ්‍රී ලංකාවට සිව්වන වාරිකය නිකුත් කිරීම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත් අනුමැතිය රදාපවතින්නේ වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති පරාමිතීන්ට අනුකූල අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් ක්‍රියාත්මක කිරීම මත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර ප්‍රකාශකොට තිබුණි