Home අද NPP නායකයින් අද මැතිවරණ කොමිසමට

NPP නායකයින් අද මැතිවරණ කොමිසමට

26
0

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව සඳහන් වන අතර පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂයේ පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විණි.

පළාත් පාලන ඡන්ද විමසීම් විධිවිධාන පනත් කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවට ලැබීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L රත්නායක මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් පළාත් පාලන ඡන්ද විමසීම් විධි විධාන පනත් කෙටුම්පත පෙරේදා ( 17) රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු කථානායකවරයාගේ අනුමැතිය ද ඊට හිමි විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා තිබුණු අතර පළාත් පාලන මැතිවරණ සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කොට තිබෙන බවද වාර්තා වේ.

Previous articleඝාතන රැල්ලට තවත් ඝාතන දෙකක් එකතුවෙයි
Next articleඋණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here