Home අද UPDATE : ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවා පැමිණියේ නීතිඥවරයෙකුගේ වෙස් අරන් – පොලිසිය කියන...

UPDATE : ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවා පැමිණියේ නීතිඥවරයෙකුගේ වෙස් අරන් – පොලිසිය කියන කතාව

45
0

පොලිසිය සඳහන් කරන ආකාරයට සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඝාතකයා නීතිඥවරයෙකු ලෙස සැරසී පැමිණ අධිකරණය තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

එසේම වාර්තා වන ආකාරයට 2004 වසරේ ජනවාරි 09 අලුත් කඩේ කාමර අංක 06 අධිකරණ සංකීර්ණය තුළ ධම්මික අමරසිංහ නැමැති පාතාල කල්ලි නායකයා වෙඩි තබා ඝාතනය කර වසර 21 කට පසුව අධි ආරක්ෂක කලාපයක් තුළ මෙකී ඝාතකය සිදුව ඇත.

 

හැප්පිලා බලමුත් කිව්වා : අධිකරණ බිමේදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරයි ! (PHOTOS)

Previous article“Ne Zha 2” ලොව ඉහළම ආදායම් වාර්තා අතරට !
Next articleපාලනය වෙනස් වුනත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොකිරීම සතුටක් – මහ බැංකු අධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here