Home අද මන්ත්‍රීවරුන්ට වාහන හෝ පර්මිට් නැහැ – ජනපති

මන්ත්‍රීවරුන්ට වාහන හෝ පර්මිට් නැහැ – ජනපති

61
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 2025 අයවැයෙන් Permit හෝ වාහන ලබානොදෙන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා 2025 අයවැයෙන් මුදල් වෙන්කර නොමැති බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ජනපතිවරයා කියා සිටියා.

ඊට අමතරව

* මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 10 ක රක්ෂණය ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කිරීමට කටයුතු කරනවා.

* අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා.

* තෝරාගත් රාජ්‍ය නිලධාරීන්ට වාහන නඩත්තුවට යන අධික වියදම අවම කිරීම සඳහා වාහන සඳහා මුදලක් පමණක් ලබාදීමට කටයුතු කරනවා.

* ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙන බවද ජනපතිවරයා අයවැය ඉදිරිපත්කරමින් කියා සිටියා.

Previous articleභාණ්ඩ හා සේවා අපනයන සේවා වැඩිකිරීමට 2025 – 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
Next articleපර්යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here