රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල අධිකරණය අද නියෝගය කර ඇත.
මන්ත්‍රීවරයා ඊයේ අළුයම පාර්ලිමේන්තු පැමිණෙමින් සිටියදී කොස්වත්ත , හල්දඩුවන ප්‍රදේශයේදී රථය මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදි කරුවෙකුගේ ගැටීමෙන් ඔහු එම ස්ථානයේම මියගොස් ඇත.
අනතුර සිදුවී පැය කිහිපයකට පසු මන්ත්‍රීවරයාගේ සහෝදරයා කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය වෙත ඉදිරිපත් කරනලදී.