රිලවුන්, වඳුරන් , දඩුලේනන් හා මොනරා ඇතුළු වගාවන්ට හානි සිදු කරන සතුන් සම්බන්ධව සෑම දිස්ත්‍රික්කයකම එක් දිනයක්, එක් වේලාවක් ප්‍රකාශයට පත් කර, එම කාලය තුළ මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය පැවසුවාය.
මේ සඳහා වන දිනය මෙම මස අවසන් සතියේ හෙළි කරන බව දිස්නා රණසිංහ මහත්මිය අනාවරණය කළාය.
මෙම සංගණනය සඳහා කෘෂිකර්ම, පොල් සංවර්ධන මණ්ඩලය, පසු සම්පත්, වන ජීවී, ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම ග්‍රාම නිලධාරීන්, සංවර්ධනය නිලධාරීන්, සහ වන ජීවී ඇතුළු රාජ්‍ය ආයතන සහ ග්‍රාමීය ජනතාවගේ ද සහයෝගය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම ප්‍රධාන සංගණනය පැවැත්වීමට පෙර පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ රිලවුන් හා වඳුරන් සම්බන්ධව පෙරහුරු සංගණනයක් ද සිදුකළ බව වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.