රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අත්හැර දැමීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසා තිබෙන්නේ මුල්‍ය ප්‍රතිපාදන නොමැති බැවින් මේ තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වුවත් යටත් විජිත යුගයේ තිබූ රත්නපුර – අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම සඳහා රජය තීරණය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
2010-2015 සමයේ පැවති මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනේරිං සමාගමට ලබාදී තිබිණ. අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් පවරා ගැනීමද කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 22 ක් දුරට සිදුකර තිබිණ.