Home අද මාලිමාවේ චණ්ඩි කඩාවැදී : පෙසප සම්මන්ත්‍රණය කඩාකප්පල් කරයි : ගහන්නත් යයි !

මාලිමාවේ චණ්ඩි කඩාවැදී : පෙසප සම්මන්ත්‍රණය කඩාකප්පල් කරයි : ගහන්නත් යයි !

184
0

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ගොවි ජාතික සමුළුව විසින් “ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ ” නමින් අඟුණකොළපැලැස්ස උස්වැව ගැමිදිරිය ශාලාවේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් වෙත කඩාවැදී එය කඩාකප්පල් කර විසුරුවා හැරීමට ජාතික ජනබලවේගය පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පිරිසක් කටයුතු කර තිබේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික සුනිල් රත්නායක ඇතුළු පිරිසක් අදාළ ස්ථානයට පැමිණ සම්මන්ත්‍රණය පැවැත්වීමට ඉඩනොදී කළහකාරී ලෙස හැසිරුණු අතර, පහරදීමට ද උත්සාහ දැරිණ.

ගොවියන්ට ඉටුකළ යුතු සියලු යුතුකම් ඉටුකර ඇති බැවින් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට වාසි සැලසෙන මෙවැනි කටයුතු කිරීමට ඉඩනොදෙන බවද කියමින් මේ පිරිස සම්මන්ත්‍රණයේ සංවිධායකයන්ට තර්ජනය කළ බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ආණ්ඩු පාක්ෂිකයන් රජා රකින්නට කඩුව අතටගත් වඳුරන් මෙන් හැසිරෙමින් සිටින බවයි. මැස්සා රජාගේ බෙල්ලේ වසනතුරු මේ තත්ත්වය ආණ්ඩුවට නොවැටහිය හැකි බවත්, එබැවින් ජනාධිපතිවරයා මේ සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

Previous articleලසන්ත ඝාතනයට අදාළ සැකකරුවන් නිදහස් කිරීමේ ලිපිය යළි කැඳවූයේ නෑ : නීතිපතිය දැනුම්දෙයි !
Next articleබෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්මයෙන් දඩුවම් – කාරියවසම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here