Home අද ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

15
0

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ඇමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එමෙන්ම HIV, ක්ෂය රෝගය සහ ළමා එන්නත් සඳහා විසඳුම් සෙවීමටද අමෙරිකාව මැදිහත් වී කටයුතු කොට තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ, WHO සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ප්‍රකාශ කරමිනි. කෙසේ වෙතත්, එවකට ජනාධිපති බයිඩන් සිය ධුරයේ පළමු දිනයේම එම තීරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

“COVID-19 වසංගතය වැරදි ලෙස හැසිරවීම, අනෙකුත් ගෝලීය සෞඛ්‍ය අර්බුද, හදිසි අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට අපොහොසත් වීම සහ WHO සාමාජික රටවල නුසුදුසු දේශපාලන බලපෑමෙන් ස්වාධීනත්වය පෙන්වීමට නොහැකිවීම වැනි හේතුත් මෙම ඉවත්වීමට හේතු වශයෙන් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ

Previous articleලොකු තෝරු මෝරු 10කට දැල – ඉදිරි දින 10 ඇතුලත නඩු
Next articleතාත්තා ඉන්න නිල නිවස ඕනේනම් ලිඛිතව ඉල්ලන්න – අපි ඕන වෙලාවක යන්න සුදානම් – නාමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here