Home අද මාලිමාවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දීමනා සියල්ලම පොදු ගිණුමකට යනවා – බැංකුව...

මාලිමාවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දීමනා සියල්ලම පොදු ගිණුමකට යනවා – බැංකුව තියෙන්නේ බොරැල්ලේ – වටගල

39
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරන ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු. සහ මන්ත්‍රීවරු ලබන දීමනා සියල්ල එකම ගිණුමකට බැර වෙනබව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.

මධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ සුනිල් වටගල මහතා තවදුරටත් කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ දීමනා බැරවන ගිණුම සම්බන්ධව මහා භාණ්ඩාගාරය හෝ වෙනත් ආයතනයක් දැනුවත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ දීමනා බැර කරන පොදු ගිණුම බොරැල්ල මහජන බැංකු ශාඛාවේ පවත්වාගෙන යන බව අනාවරණය කළ සුනිල් වටගල මහතා නිහාල් ගලපපත්තිි මහතා මන්ත්‍රීවරයකු බවට පත් වූ කාලයේ සිට දීමනා බැර වූයේ පොදු ගිණුමකට බව අනාවරණය කළේය.

මෙම මුදල් භාවිත කරමින් මහජන සේවාවන් සිදු කරන බවත් පසුගිය කාලය තුළ එලෙස ජනතාව වෙනුවෙන් මෙම මුදල් වැය කර විශාල වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleඅවි අතට ගත් JVP යටත් පොදු සමාවක් දුන්නා නම් දෙමළ දේශපාලන සිරකරුවන්ට වහා නිදහස ලබාදෙන්න – නැත්නම් අඛණ්ඩ හර්තාලයක් දියත් කරනවා – උතුරේ පක්ෂවලින් ආණ්ඩුවට රතු එළියක්
Next article76000 ඖෂධය 370 ට මිලදී ගෙන නෑ : එය නිර්දේශයක් පමණයි – ඖෂධ නියාමන අධිකාරිය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here