එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතිකපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20) ඒකමතිකව අනුමත කළේය.
සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග ද සාකච්ඡා කර එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් විය යුතු බව කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරන ලදී.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද සවස පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලට පක්ෂ දෙක එක් විය යුතු බවට වන යෝජනාව එජාප මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මිය විසින් ඉදිරිපත් කළාය.
සමගි ජන බලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහ ලේකම් තලතා අතු කෝරල යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගි වන කණ්ඩායමක් එහි මහලේකම් රංජිත් මද්දුව බණ්ඩාර සභාපති කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් පැවැත්විය යුතු බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා ඒකමතිකව අනුමත කරනු ලැබීය.
ඒ අනුව පක්ෂ දෙක එක් කිරීම සඳහා වන පළමු සාකච්ඡාව දෙපාර්ශවයේම නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද රාත්‍රියේ කොළඹ දීපැවැත්විණි.
පක්ෂ දෙක එක් කිරීම වෙනුවෙන් ආරම්භ වූ පළමු සාකච්ඡාව ඉතාම සාර්ථක බවත් තව සාකච්ඡාවට කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් පක්ෂ දෙකෙහි මහලේකම්වරු පැවසූහ.